Smiley face
Powered by Blogger.

Sunday, March 6, 2016

Unknown

Brock lesnar ට ලේ එන්න ගහපු හැටි.(වීඩියෝ)



Read More

Tuesday, February 16, 2016

Unknown

පුවත් විශේෂාංග

නුෆු
Read More
Unknown

ලොව වටා

න්න්න්ක්ජ්බු
Read More
Unknown

ඉතිහාසය

කුඉ
Read More

Saturday, February 13, 2016

Unknown

විශ්ව ව්‍යාප්ත ජාලය




අන්තර්ජාලය හරහා ලෝකයේ රටවල් එක් කරන ආකාරයට අපගේ සූර්ය මණ්ඩලයේ ග්‍රහලෝකද එකිනෙක ය කල හැකි අන්තර්ජාලයක් බිහි කිරිමට ඇමරිකාවේ නාසා ආයතනය කටයුතු කරමින් පවතී.මේ වෙනුවෙන් නොයෙකුත් තාක්ෂණික උපක්‍රම නාසා ආයතනය අත්හදා බල සාර්ථක ප්‍රතිපල අත් කරගෙන තිබෙන බවටද වාර්තා වේ.මේ අතරින් දැනට වඩාත්ම සාර්ථක වී ඇත්තේ ලේසර් කිරණ මගින් දත්ත හුවමාරු කිරීමේ ක්‍රම වේදයයි.


විශ්වය යනු වායු අඩංගු නොවන රික්තයක් වන අතර ඒ හරහා ලේසර් කිරණ වලට කිසිදු බදකයකින් තොරව ගමන් කල හැකි වේ.

2013 සැප්තැම්බර් මාසයේදී සදෙහි වයුගොලිය තත්වය නිරීක්ෂණය කිරීම සදහා LADEE නම් යානයක් නාසා ආයතනය මගින් යවනු ලබා ඇත.මෙහි ලේසර් සන්නිවේදන උපකාර තිබෙන බවට නසා ආයතනය ප්‍රකාශ කර තිබේ.එපමණක් නොව ඒ හරහා නසා ආයතනය තප්පරයට මෙගා බිට් 622 ක වේගයකින් දත්ත හුවමාරු කර ඇත.තත්පරයට මෙගබිට් 75ක වේගයකින් දත්ත අප්ලෝඩ් කර ඇත.මෙය දැනට පවතින අන්තර්ජාල වේගය මෙන් දස ගුණයක වේගයකි.

මිට පෙර මිට වැඩ වෙනස් තාක්ෂණයක් යොදා ගනිමින් පොලවේ සිට සැතපුම් කොටි 2ක් දුරට දත්ත හුවමාරු කරන්නට නසා ආයතනය සමත් විය.අන්තර්ජාල ක්‍රමයටම දත්ත පැකට්ටු වශයෙන් මෙහිදී දත්ත හුවමාරු කර ඇති අතර ඒ ඉපොක්සි නම් යානය සමගය.

2010 දී හේලිගේ ධුම කේතුව හරහා ගිය මෙම යානය පොලවේ ඇති ප්‍රධාන දත්ත හුවමාරු මධ්‍යස්ථාන නවයක් සමග දත්ත හුවමාරු කර ගත්තේය.මේසදහා යොදා ගත තාක්ෂණික ප්‍රොටෝකෝලය ඩිටිඑන් DTN නමින් හදුන්වනු ලැබේ.එය අන්තර්ජාලය තුල තොරතුරු හුවමාරු කෙරෙනTCP/IP ප්‍රොටෝකෝලය අනුව යමින් තැනුවකි.එනම් මෙම අන්තර්ජාල ක්‍රමයද ක්‍රියාත්මක වන්නේ සමනය අන්තර්ජාල ක්‍රමයටමය.මෙම DTN ක්‍රමය හරහා චන්ද්‍රිකා හා පොලවේ ඇති මධ්‍යස්ථාන හා දත්ත හුවමාරු වීම පිලිබදව කාලයක් මුළුල්ලේ නසා ආයතනය පරීක්ෂණ කළහ.ඒ සරේ සැටලයිට් ටෙක්නොලොජි යානය යොදාගෙනය.

දැනට චන්ද්‍රිකාවක් පාලනය කරනු ලබන්නේ පොලවේ සිටින නියාමකයින් මගිනි.යානයේ ඇති පරිගණක මගින්  එහි ගමන් දිශාව ගමන් වේගය ආදිය පමණක් ස්වයන්ක්‍රියව පාලනය කර ගන්න අතර දත්ත හුවමාරුව සදහා නියාමකයින් අවශ්‍ය වේ.ඒවා මගින් ලබා ගන්න දත්ත වෙන වෙනම පරික්ෂා කර බැලිය යුතු වේ.නමුත් විශ්වය හරහා අන්තර්ජාලයක් තනු විට මෙම දුෂ්කරතා රාශියක් මගහැරෙනු ඇත.
Read More
Unknown

skype වල අතීත කතාව.

දුර සිටින අය සමග කතා බහ කිරීමට තාක්ෂනය හෙවත් දුරකථන සන්නිවේදන තාක්ෂනය 1876දි ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් විසින් සොයා ගන්න ලදී.රැහැන් ඔස්සේ දුරකතනයෙන් කතා කරන ලෝක ජනගහනය කොටි 30ක් වුයේ එම සොයා ගැනීමෙන් අවුරුදු 104 කට පසුව 1980 දිය.රැහැන් යොදා ගැනීම වෙනුවට රැහැන් රහිත ක්‍රමයට දුරසිටින්නන් සමග කතා බහ කිරීම් තාක්ෂනය හෙවත් සෙලියුලර් තාක්ෂනය 1973දි මාර්ටින් කුපර් විසින් සොයා ගන්න ලදී.මෙම සෙලියුලර් දුරකතනයෙන් කතා බහ කරන්නන් ගණන කොටි 30ක් දක්වා වැඩි වුයේ ඉන් අවුරුදු 25 කට පසුවය.

අන්තර්ජාලය යොදා ගනිමින් දුර සිටින්නන් සමග කතා බහ කිරීමේ තාක්ෂනය ජනුස් ෆ්රිස් සමග නික්ලස් සෙන්ස්ට්‍රොම් විසින් 2003 දී සොයා ගන්න ලදී.මේ ක්‍රමයට කතා බහ කරන සෙනග කොටි 30ක් දක්වා වැඩි වුයේ ඉන් අවරුදු 10 කට පසුව එනම් 2013 දිය.මෙසේ දනට වසර දහයක් ඉක්මවන සේවය අන් කිසිවක් නොව skype ය.


skype සේවය අද ලෝකයේ වේගයන්ම ජනප්‍රිය වන සන්නිවේදන ක්‍රමයයි.skype සේවය දස වසරක් තිස්සේ ලෝකයට මිනිත්තු ට්‍රිලියන 1.4ක් කතා බහ කිරීමට ඉඩ කඩ ලබා දී ඇත.මේ කතා බහ දෙදෙනෙකු අතර පමණක් සිදු වුයේ නම් ඔව්න්ගේ කතා කාලය වසර 26 ලක්ෂයකි.

skype වෙබ් අඩවියට පිවිස ගිණුමක් සාදාගෙන එයට අදාල වැඩසටහන install කර ගත් අයෙකුට තවත් එවැනිම ගිණුමක් සහිත අයෙකු සමග නොමිලේ සංවාදයේ යෙදෙන්නට පුළුවන.ඔව්න්ගේ දුර ඒ සදහා බාදාවක් නොවේ.පරිගණකයට සම්බන්ද කල ඇති මයික්රෝෆෝනයක් හරහා මේ කතා බහ කල යුතුය.එම පරිගණකයේ වෙබ් කැමරාවක් තිබේනම් වීඩියෝ ඇමතුමක් ලබා ගත හැකිය.මිට අමතරව මුදල් ගෙවා අනෙක් දුරකථන වලටද ඇමතුම් ලබා ගත හැකිය.මෙම ගාස්තුව සාමාන්‍ය දුරකථන ගස්තු වලට වැඩ ඉතා අඩුය.


මෙම skype තාක්ෂනය එක වරම උපන්නක් නොවේ.එසේම එය අද පවතින තරමට දැවන්ත සේවයක් වෙවියයි කියා සැලසුම් කරන ලද්දක්ද නොවේ.මෙය උදාර මිනිසුන් කිහිප දෙනෙකුගේ අසීමිත වැයමක සුන්දර ප්‍රතිපලයකි.

වසර 2000 යනු අන්තර්ජාලය ලෝක ප්‍රකට වීම ඇරබි කාලයයි.තාක්ෂණයට කැමති තරුණ තරුණියෝ අන්තර්ජාලයට ඇලි ගැලී සිටියහ.ඒ අන් කිසිවකට නොවේ අන්තර්ජාලයෙන් මහජනයාට ප්‍රයෝජනවත් මෙවලම් තනන්නේ කෙසේද යන්න සොයා බලන්නටය.

මේ කාලයේ ස්වීඩනයේ ටෙලි ටු නම් දුරකථන සන්නිවෙදන සමාගමේ සේවය කල ස්වීඩන් ජාතික නිකලස් සෙන්ස්ට්‍රොම් ඩේන්මාකයේ සේවා ලබා ගන්න ආයතනයක සිටි ජනුස් ෆ්රිස් යන දෙදෙනා හොද මිතුරන්ව සිටියහ.දිනපතා භාණ්ඩ විකිණිය හැකි වෙබ් සේවාවක් පටන් ගන්නට ටෙලි ටු ආයතනයට ඕනෑ විය.එයට තාක්ෂණික දැනුම ඇති අය බදවා ගන්නටද එම සමාගමට ඕන විය.ඔව්න්ට උවමන වුයේ දක්ෂයින් සොයන්නටය.එස්තොනියවෙන්ද ඔව්න් දක්ෂයින් සොයන්නට පටන් ගත්හ.


සෝවියට් සමුහාණ්ඩුව බිද වැටුණු පසු එස්තෝනියාව නිදහස් රජයක් විය.එහෙත් එහි පැවතුනේ පැරණි සෝවියට් අධ්‍යාපන ක්‍රමයකි.මේ අධ්‍යාපන ක්‍රමයෙන් සැම දෙනෙකුටම තාක්ෂණික දැනුම ලැබී තිබුනද රැකියා නොමති විය.අඩු පඩියට දක්ෂයින් සොයා ගත හැකියි ටෙලි ටු සමාගම සිතුවේ ඒ නිසාය.ඒ අනුව ඔව්න් පුවත් පත් දැන්වීමක් පල කළහ.

ජාන් තලින්,ප්‍රීට් කසෙසලු හා ආටි හෙයින්ලා යන එස්තෝනියානු මිතුරන් තිදෙනා මේ දැන්වීමට ප්‍රතිචාර දැක්විය.මොවුන් විශේෂ දක්ෂතා දැක්වූ තරුණයෝ වුහ.සෝවියට් කාලයේ තිබු ෆිඩොනෙට් නම් අන්තර්ජාලය වැනි පරිගණක ජලය සමග මොවුන් වැඩ කලේ පාසල් සමයේ පටන්ය.මොවුන් තාක්ෂණයට ලදී තරුණයෝ විය.මේ ලැදිකම නිසාම ඔවුන් පරිගණක ක්‍රීඩාවක්ද තනා තිබුණි.මෙම පරිගණක ක්‍රීඩාව විකිණීමෙන් ඔවුන්ට ලැබුනේ 5000$ පමණි.ඒ මුදලින් ඔවුන් බ්ලුමූන් නම් සමාගමක් ආරම්භ කළහ.ඒ පරිගණක ක්‍රීඩා තනන්නටය.එහෙත් සමාගම ඉක්මනින් බංකොලොත් විය.

ටෙලි ටු සමාගමේ දැන්වීම මොවුන් දුටුවේ මේ අතර තුරය.ඔවුන් තිදෙනාම එයට ඉල්ලුම් කලේ වැටුප ගැන සිතය.එකල එස්තෝනියාවේ මාසික වැටුප 330$ පමණ විය.එහෙත් අදාල සමාගම එම වැටුප එක දිනක වැටුප සේ ගෙවන බව දැන්වීමෙන් සදහන් කර තිබුණි.එහි කොන්දේසිය වුයේ වේගවත් වෙබ් පෝටල් සේවය ඉකමනින් තනා දීමය.මිතුරන් තිදෙනා ටෙලි ටු සමාගමට ගොස් වගකීම බර ගත්හ.PHP ක්‍රමලේක භාෂාවෙන් වැඩ කිරීම ආරම්භ කළහ.මේ වැඩ පනවුයෙත් ඕනෑ එපාකම් ගැන කීවෙත් ටෙලි ටු සමාගමේ ජනුස් ෆ්‍රීස් හා නිකලස් සෙම්ස්ට්‍රොම්ය.

ටික දිනකින් තරුණයෝ වැඩ අවසන් කළහ.ඒ අපේක්ෂා කල වේගයටත් වඩා වේගවත් වෙබ් සේවයක් තනා දෙමිනි.එව්රිඩේ නමින් මෙම වෙබ් සේවය දියත් කල අතර එහි සියලු වගකීම් මොවුන්ට පැවරුණි.මේ අතර තවත් එස්තෝනියානු තරුණයෙක් මේ වැඩ වලට සම්බන්ද කර ගතහ.එහෙත් ටික කලකින් එව්රිඩේ වෙබ් අඩවිය වෙළද ප්‍රශ්න හේතුවෙන් වසා දැමුණි.ඊට සම්බන්ද වී සිටි හය දෙනාටම රැකියා අහිමි විය.ඉතුරු වුයේ මිතුරුකම පමණි.ඔවුන් සිටියේ එක්ව වැඩ කල නොහැකි තරම් දුර රට වලය.තරුණයින් හතර දෙන එස්තොනියවේය,අනෙක් දෙදෙනා daam නුවරය.


මේ අතර එක දිනයක සෙන්ස්ට්‍රොම් අම්ස්ටර්ඩම් නුවරට පැමිණ ජනුස් සමග එක වී මුළුතැන්ගෙය කාර්යාලයක් බවට පත් කර ගත්තේය.එතැන් සිට අලුත් පරිගණක වැඩසටහනක් සකසන්නට පටන් ගත්තේය.මෙය අතරමැදි සර්වරයක් නොමැතිව එක පරිගනකයක ඇති ෆෝල්ඩරයක් වෙනත් පරිගණකයක් වෙත යැවිය හැකි වැඩසටහනකි.එනම් පියර් ටු පියර් වැඩසටහනකි.මෙම වැඩසටහන තවත් දියුණු කරන්නට ඕනා වුනි.ඒ සදහා එස්තෝනියානු තරුණයින් හතර දෙන සම්බන්ද කර ගත්තා පමණක් නොව නව සේවය දියත් කිරීමට එස්තෝනියාව තෝරා ගති.වසර 2000 දී එම සේවය දියත් කල අතර එය එදා මේද තුර ලෝකයේ වැඩියෙන්ම ජනප්‍රිය වූ ෆයිල් ශේයරින්ග් වැඩසටහන වූ කාසය.කාසා දියත් කල මොහොතේ පටන් සැම තප්පරයක් පාසාම එය ලොව කොතනක හෝ කෙනෙක් ඩව්න්ලෝඩ් කර ගැනීම අරබිණි.එකල අන්තර්ජාල තදබදයෙන් භාගයක්ම උපන්නේ මෙම වැඩසටහන නිසාය.

මෙම වැඩසටහන අර්බුදකාරී එකක් විය.ඊට හේතුව වුයේ මේ හරහා බුද්ධිමය දේපල පනත උල්ලංගනය කරමින් චිත්ත්‍රපට,මෘදුකාංග ආදිය හුවමාරු වීමයි.ඇමරිකාව මෙන්ම යුරෝපයද මෙහි හිමිකරුවන්ට එරෙහිව අදිකරණ ක්‍රියාමාර්ග ගත්හ.මෙහි හිමිකරුවන් සියලුම දෙන වැරදිකරුවන් වූ අතර නීතියෙන් සැගවීමට සැගවෙන්නට විය.අනතුරුව එස්තොනියාවෙන් ඉවත්ව ගිය කාසා ආයතනය පසුව ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයෙකුගේ සහය ඇතිව වනුටු දුපතේ ලියාපදිංචි කළහ.සියලු දෙනාට නරක කාලයක් ලැබුවේය.

මෙම අර්බුදයෙන් ගොඩ එන්නට ක්‍රමයක් ගැන සිතමින් සිටි එස්තෝනියානු තරුණයින් හතර දෙන එක්ව නව තාක්ෂණික සේවයක් ආරම්භ කළහ.මෙය වයි-ෆයි දුරකතන අතර නොමිලේ දුරකථන සංවාද කල හැකි සේවයකි.මෙයට යොදා ගත්තේ පියර් ටු පියර් වැඩසටහනයි.මේ සමගම සියලු දෙනා කාසා අතහැර නව සේවයකට පන දුන්හ.මෙසේ උපන් සේවය නම් කරනු ලැබුවේ sky peer to peer නමිනි.skype යන නාමය මෙයින් බිදී තනා ගත්තකි.2003 අගෝස්තු 29 වැනිදා skype සේවය ලෝකයට දියත් කළේය.එදින තුල දස දහස් දෙන එය ඩවුන්ලෝඩ් කර භාවිත කරන්නට පටන් ගත්හ.


මෙම skype සේවය ඉතා සුවිශේෂී එකක් විය.එනම් මෙය නොමිලේ දුරකථන ඇමතුම් ලබා ගත හැකි එකක් පමණක් නොව සියලුම ෆයර් ෆෝල් වලින් රිංගා යාමේ හැකියාව මෙයට තිබුණි.හුවමාරු කල දත්ත කිසිවක් කිසිම තැනක නොරදෙමින් හුවමාරු විය.එම නිසා මෙය ඉතා විශ්වාසදායක සේවාවක් විය.

කෙසේ වෙතත් skype ලොව වේගයෙන් ජනප්‍රිය වුවද එයින් ලැබුණු අදායම ඉතා සීමිත විය.සිය කාර්ය මණ්ඩලය පවත්වාගෙන යාමටද එය ප්‍රමාණවත් නොවිය.මේ හේතුව නිසා එය විකුණා දමන්නට එහි නිෂ්පාදකයින්ට සිදු විය.කෙසේ වෙතත් මුලින්ම ebay සේවයට skype විකුණා දැම්මේය.එහෙත් ටික කලකින් ඔවුන්ද එය ප්‍රතික්ෂේප කර දැමු අතර එය මයික්‍රොසොෆ්ට් ආයතනය අතට පත් වුයේ ඒ අනුවය.දැන් skype යනු මයික්‍රොසොෆ්ට් ආයතනයේ තනි බුදලයකි.එහි නිෂ්පාදකයින් කිසිවෙකු දැන් එහි නොමැත.

උපුටා ගැනීමකි.

කෙසේ වෙතත් මින් පැහැදිලි වන්නේ කුමක්ද.බොහෝ තාක්ෂණික ආයතන ඇමරිකාව සතු වුවද ඇමරිකාවේ බුද්ධිමතුන් නොමැති බව නොවේද?.ඇමරිකාවේ සිටින්නේ කපටි මොළකරුවන් පමණි,ඔවුන් කරන්නේ වෙනත් රට වල සිටින සුපිරි බුද්ධිමතුන් මුදලට ලබා ගැනීම පමණි.facebook,google,microsoft වැනි ආයතන අරභිමේ අයිතිය පමණක් ඇමරිකානුවන් සතු වේ.ඒවා අද පවතින තත්වයට දියුණු කරනු ලබා ඇත්තේ වෙනත් රට වල පුද්ගලයින්ය.ඉහත කි ආයතන තුනේම වෙනත් රටවල සාමාජිකයින් සේවය කරයි.මෙයට හොදම උදාහරණය skype සේවය අද මයික්‍රොසොෆ්ට් සතු වීමයි.එහි සබැ හිමිකරුවන් සැබවින්ම ඔවුන්ද?...(මෙය අපගේ අදහසක් පමණි)

Read More